හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හිම දෙනමක් අතර ගුටි ඇනගැනීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි හම්බන්තොට පොලීසිය කියයි.
තමන් ශාසනාරක්ෂක බල මණ්ඩල සාමාජික ඉල්ලුමම්පත්‍රයක් ගැනීමට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිය විට එහි බෞද්ධ කටයුතු සාමාජික හිමි බෝතලයකින් හිසට පහරදුන් බව හම්බන්තොට කොවිල්ගොඩැල්ලේ පුරාණ විහාරාධිපති පහලගම ජිනරතන හිමි පොලීසිය කළ පැමිණිල්ලේ සඳහන්ය.
පහරදීම නිසා බෝතලය කැඩී ගොස් ඇතැයි ඒ හිමියෝ කීහ.
රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ ඒ හිමියන්ගේ හිසට මැහුම් අටක් දැමූ බවයි.