කූඨ ලේඛන සකසා අලි පැටවුන් තිදෙනකු සන්තකයේ තබා ගත්තැයි භික්ෂූන් තුන් නමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිට වාර්තාවක් නිකුත් කැර ඇත.
නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්ලිව්.ආර්.ජී.සෙනෙවිරත්න මහතා මෙම වාර්තාව සකසා ඇතැයිද වනජීවී ඇමැති එය රජයට බාර දෙනු ඇතැයිද කියති.
මේ අතර වල් අලි පැටවුන් 11 දෙනකු ව්‍යාජ ලියවිලි මත රඳවාගෙන සිටින බවත් කියති.
මෙම භික්ෂූන් වහන්සේලා තුන් නම ශ්‍රී ලංකාවේ නමක් දිනාගෙන සිටින හිමිවරුන් බවද කියති.





