මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි (46) කපා කොටා මරා දැමීයැයි සැකපිට එම පන්සල පිටුපස පස නිවෙසක දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. ඔවුන් නෑකමින් බාප්පා සහ පුතා බව දැනගන්නට ඇත.
මේ අතර බණ්ඩාරගම දැල්කඩදී අද උදෑසන වෙඩි තබා මරා දැමුණු තරුණයන් දෙදෙනා විහාරාධිපති හිමියන් ඝාතනයට සම්බන්ධ බවට ලැබී ඇති තොරතරු ගැන ද පොලීසිය පරීක්ෂණ පවත්වයි.