උතුරු ඉන්දියාවේ හිමාලයේ සිට ශ්‍රී ලංකාවට පියාසර කරන අවිච්චියෙක් පේරාදෙණි පොලිසියට ආවේය. කුරුල්ලා තුවාල ලබා සිටියේය.
පොලිසිය වහාම කුරුල්ලා පේරාදෙණිය සරසවියේ පශු වෛද්‍ය රෝහලට රැගෙන ගියේය. එහි වෛද්‍යවරු කුරුල්ලාට ප්‍රතිකාර කිරීම ඇරඹූහ. සුවවූ පසු කුරුල්ලා මුදා හැරෙනු ඇත.
මෙවැනි අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා පරිත්‍යාගශීලියකු පශු වෛද්‍ය පීඨයට පරිත්‍යාග කළ ත්‍රී රෝද රථය හා මොබිටෙල් සමාගම නොමිලේ දුන් ජංගම දුරකථනය උපකාරී වන බව පශු වෛද්‍ය රෝහල කියයි.


