සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් නිලධරයෙක් නාගදීපයේ නාගපූෂණී අම්මාන් කෝවිලේ පූජාවකට උඩ ඇඳුම නොගලවා අද සහභාගී විය. හින්දු කෝවිලක පුද පූජාවක් පවත්වන පෙදෙසට පිරිමිනට ඇතුළු විය හැක්කේ උඩු කය නිරාවරණය කර ගැනීමෙන් පසුවය.
පූජකවරයාගෙන් මේ ගැන ඇසූ විට ඔහු කීවේ ආරක්ෂක අංශවල අය සමග ගැටුම් ඇති කර ගැනීමට නොකමැති නිසා දේවාල සිරිත ඔවුනට සිහිපත් නොකරන බවයි.
මෙම පොලිස් නිලධරයාට කෝවිලේ සිරිත මම කියා දුන්නෙමි. එහෙත් ඔහු කමිසය ගැලවූයේ නැත. එවිට මම ඔහුට පැවසූයේ මහින්ද රාජපක්ෂ ජනපති කෝවිලට පැමිණි අවස්ථාවේ ද කෝවිල් සම්ප්‍රදාය අනුගමනය කළ බවයි.
මේ සිද්ධිය දුටු බොහෝ දෙනෙක් අවඥාවෙන් කතා කළහ.
කෝවිලේ පූජකවරයා එම අවස්ථාවේදී විරෝධය නොපෑවේනම් පොලිසීයට ඔහු වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ගයක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.