පොලිස් කාකි වර්ණයෙන් ම මිස වෙනත් කාකි නිල ඇඳුම් නොඅදින ලෙස පොලිසිපති එල්.කේ.ඉලංගකෝන් මහතා පොලීසියේ සාමාජිකයන්ට නියෝග කරයි. පෞද්ගලිකව මසා ගන්නා නිල ඇඳුම් කාකි වුවත් පාටෙහි වෙනස්කම් ඇතැයි පොලිස්පති පෙන්වාදෙයි. උප පරීක්ෂකවරුන්ගෙන් පහළ නිලයන්හි සාමාජිකයන් පොලීසියෙන් නිකුත් කරන කාකි පමණක් නිල ඇඳුමට යොදාගත යුතු බවත් ඉන් ඉහළ නිලයන්හි සාමාජිකයන් පෞද්ගලිකව නිල ඇදුම් මසාගන්නේ නම් එම ඇඳුම් වල පැහැය පොලීසියෙන් නිකුත්කරන ඇඳුමේ පැහැයම විය යුතු බව ද පොලිස්පති කියයි. පොලීසියට මාරු වී එන පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් එම බළකායේ නිල ඇඳුමෙන් රාජකාරී කිරීම ද පොලිස්පති චක්‍රලේඛය අනුව තහනම් වේ. මේ නිල ඇඳුමේ පැහැය හා නිල ඇඳුම හරිහැටි පාවිච්චි නොකිරීම නිසා පොලීසයට ප්‍රශ්න රැසක් මතුවී ඇතැයි ද පොලිස්පති කියයි. මේ ගැන නිරන්තර සෝදිසියෙන් සිටින ලෙස ඔහු ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී වරුන්ට නියෝග කරයි.