හෝමාගම පණාගොඩ යුද හමුදා කඳවුර සමීපයේදී ව්‍යාපාරිකයකුගේ පුතකු පෞද්ගලික බස් රියදුරෙකුට සහ කොන්දොස්තරවයකුට පහර දුන්නැයි 170 අතුරිගිරිය-පිටකොටුව හා 190 ගොඩගම-පිටකොටුව මාර්ගවල බස් වර්ජනයක් පවතී.
බස් හිමියන් කිහිප දෙනකු පැවසූයේ වර්ජනයක් කරන බව බස් සේවකයන් තමනට දැනුම් නොදුන් බවයි.
කැබ් රියකට ඉස්සර වීමට ඉඩ නොදුන්නැයි 25ක 30ක පිරිසක් රියදුරාට හා කොන්දොස්තරට පහර දුන් බව බස් සේවකයෝ කියති.
ව්‍යාපාරිකයාගේ පුතා සැකපිට අත්ඩඅංගුවට ගත බවත් ව්‍යාපාරිකයා සොයන බවත් පොලීසිය පවසයි.