හිටපු සෙබළාට රට ගමන් තහනම්


අනුරාධපුර රාත්‍රි සමාජශාලා හිමිකරු  වසන්ත සොයිසා කපා කොටා ඝාතනය කිරිමේ සිද්ධියේ  ප‍්‍රධාන සැකකරු හා සැලසුම්කරු බවට සැක කෙරෙන  අනුරාධපුර දහයියාගම කාර්මික පෙදෙසේ අංක 35/3 ලිපිනයේ ආර්.ඒ. ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ් ලොක්කා විදේශ ගතවීම වළක්වමින්   අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ශානක කලංසූරිය මහතා ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් පැනවීය.

සැකකරු විදේශ  ගතවිමට  කටුනායක ගුවන් තොටුපළට  හෝ වෙනත් ගුවන් තොටුපළකට  පැමිණියහොත් අත්අඩංගුවට පත් කරන ලෙසට ද මහේස්ත්‍රාත් ආගමන විගමන පාලකවරයාට  නියෝග කර  තිබේ.