හිටපු සෙබළා ලක්ෂ 20ක් කප්පම් කයි


කතකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව කියමින් ඇගෙන් රුපියල් ලක්ෂ විස්සකට අධික මුදලක් කප්පම් කෑ බව කියන හිටපු හමුදා සෙබළකු ඇප මත මුදා හළ ගම්පොල මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා ඔහු පල්ලකැලේ යුද හමුදා කඳවුරට බාර දෙන ලෙස ද නියෝග කළේය.

කාන්තාවගේ ගිණුමෙන් ඔහු වරින් වර මුදල් ලබා ගෙන ඇත.

ගිණුමේ මුදල් අවසන් වූ පසුව ඇය රන් භාණ්ඩද උකස් කර කප්පමු ගෙවා ඇත.