හිටපු සෙබළා කඩ කඩා තිස්ලක්ෂයක් හොයයි


කොළඹ කොටුවේ හා මහරගම කඩසාප්පු රාත්‍රි කාලයේ කඩා රුපියල් තිස් ලක්ෂයකට අධික රත්‍රං, විදුලි උපකරණ, සුවඳ විලවුන් හා මුදල් සොරාගත් බව කියන හිටපු යුද හමුදා සෙබළෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.සොරකම් කළ මුදලින් තිස්සමහාරාමයේ කඩකාමර දෙකක් හදා ත්‍රිරෝද රිය දෙකක් ද මිලට ගත් ඔහු ලබන මාසයේ සුපිරි වෙළෙඳ හලක් විවෘත කිරීමට ද නියමිතව සිටියේය.