හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වීරමන්ත්‍රී නික්ම යයි


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ සී.ජී.වීරමන්ත්‍රී මහතා බ්‍රහස්පතින්දා (5) සවස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි කියයි.

මිය යන විට 90 වැනි වියේ පසුවූ වීරමන්ත්‍රී මහතා 1967 සිට 1972 දක්වා කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළේය. 

වීරමන්ත්‍රී මහතා ජාත්‍යන්තර අධිකරණයේ උප සභාපතිවරයකු ලෙස ද කටයුතු කර ඇත.

වසර 1926 නොවැම්බර් 17 වැනිදා උපත ලැබූ වීරමන්ත්‍රී මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකි. ලංකා විශ්ව විද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලබාගත් වීරමන්ත්‍රී මහතා ලන්ඩනයේ කින්ග්ස් සරසවියෙන් නීතිවේදය පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකර ගත්තේය.