ජනාධිපතිගේ හිටපු වෛද්‍ය උපදේශකයකු බව කියන ඒලියන්ත වයිට්ගේ වාහනයට අද අළුයම හතරට පමණ මිරිහාන එදිරිසිංහ මාවතේ දී වෙඩිතබා ඇතැයි පොලීසිය කියයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු පසුපස වීදුරුවට වෙඩි තබා ඇතිබවත් කිරිපිඬු දානය ගෙන යාම සඳහා පැමිණි රියදුරා තුවාල නොලබා බේරුණු බවත් පොලීසිය සඳහන්කරයි. අසල ඇති සීසීටීවී කැමරා ද පොලීසිය පරීක්ෂාවට ලක්කරයි.

