කුරුණෑගල ප‍්‍රදේශයේ ලංකා සතොස වෙළඳ සල්වලින් මුදල් නොගෙවා භාණ්ඩ ලබා ගෙන රජයට රුපියල් ලකෂ 52 කට අධික පාඩුවක් කළ බවට හිටපු වෙළඳ ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට කුරුණෑගල මහාධිකරණය හමුවේ අද (22) නඩු පැවැරිණි.
ඔහුගේ පෞද්ගලික ලේකම් රාජ් මොහිදින් මොහොමඞ් සාකීර් සහ ලංකා සතොස හිටපු සභාපති කේ.එම්.ආර්. ප‍්‍රනාන්දු ද 2013 සැප්තැම්බර් මාසයේ පැවති මැතිවරණ සමයේ මුදල් නොගෙවා රුපියල් 52,75.000/-ක භාණ්ඩ ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණය කරන ලදැයිද නීතිපති මේ නඩුව පැවැරීය.

