හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ ට මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අධි චෝදනා බාර දුන්නේය.
නිවසේ මෙහෙකාරිය අපයෝජනය කළැයි නීතිපති ඔහුට චෝදනා ගොනු කළේය. රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හරින ලෙස මහාධිකරණ විනිසුරු නියෝග කළේය.
හිටපු විනිසුරු ආබෘෘ ඇප අත්සන් නොකර ඇඟිලි සලකුණුද නොදී මහාධිකරණ විනිසුරු පරිහරණය කරන දොරටුවෙන් පිටවී ගිය බවත් පොලිසිය විනිසුරුවරයාට දැනුම් දීමෙන් පසු ඔහු නැවත කැඳවා ගත් බවත් අධිකරණය කියයි. ඉන් පසු ඔහු ඇප ලියවිලිවලට අත්සන් කර ඇඟිලි සලකුණුද ලබාදුන්නේය.
තමා නිවැරදිකරු බව හිටපු විනිසුරු ආබෘෘ කීවේය. මාධ්‍යවේදි රොහාන් සරුක් අබේවර්ධන හා දිවි නැගුම සංවර්ධන නිලධාරී සිසිර කුමාර ද සිල්වා ඇපයට අත්සන් කිරීමෙන් පසු ඔහුගේ ඇඟිලි සලකුණුද ගැනිණි.
නඩු විභාගය මැයි 23 වැනිදාට කල් තැබූ බව විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රකාශ කළේය.
ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්






