හිටපු විනිසුරු ආබෘෘ අඟහරුවාදා මහාධිකරණයේ


කාන්තාවක අපයෝජනයට ලක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ අඟහරුවාදා (12) කොළඹ මහාධිකරණයේ පෙනී සිටීමට නියමිතය.

පසුගිය දෙවැනි දා සිට ඔහු විශ්‍රාම ගොස් සිටින බව දැනගන්නට ඇත.

2015 ජූනි 26 වැනි දා ගල්කිස්සේ ඔහුගේ නිවසේදී ගෘහ සේවිකාවකට අතවර කළැයි ඔහුට එරෙහිව නීතිපති විසින් නඩු පවරනු ලැබ තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුට එරෙහිව මෙවැනි නඩුවක් ලංකා ඉතිහාසයේ පැවරෙන ප්‍රථම අවස්ථාව මෙය බව අලුත්කඩේ ආරංචි කියයි.