මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේ ආණ්ඩුවේ ප්‍රබලයකුගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ සංවිධානයක ගිණුමකින් ඔවුන් සඳුදා (12) රුපියල් කෝටි දහයක් ගැනීමට යතියි රජයේ ආරංචි කියයි.
ලොකු මුදලක් ආපසු ගනිද්දී පෙර දැනුම් දිය යුතු නිසා ඔවුන් තමන් මෙතරම් මුදලක් ගන්නා බව දැනුම් දී ඇත.
රජයේ බැංකුවක නිදහස් චතුරස්‍රය ප්‍රදේශයේ ඇති බැංකුවක එම ගිණුම ඇතැයි දැනගන්නට ඇත.
එම ගිණුමේ රුපියල් කෝටි 90කට ආසන්න මුදලක් තැන්පත් කර ඇතැයි ද, ඒවා උපයා ගත්තේ කෙසේදැයි සැක සහිත බව ද දේශපාලන ආරංචි සදහන් කරයි.
බලවතකුට රටින් පිටවීමට මේ මුදල ලබා ගන්නේදැයි සක සහිත බව ද එම ආරංචි පවසයි.

