හිටපු ලොක්කීට අපේක්ෂිත ඇප නෑ


අම්පාරේ දැයට කිරුළ ප්‍රදර්ශනයේ හිටපු ප්‍රධාන විධායක කාන්ති ගුණවර්ධනගේ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ඉවත දැමිණි.

රජයට රුපියල් තුන් කෝටි අනූ ලක්ෂයක් වංචා කළැයි රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

ඇගේ ඥාතියකුට අයත් සමාගමකට වැසිකිළි ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව  හා රුපියල් ලක්ෂ පනහක් දී ඇත්තේ ගිවිසුම අත්සන් කිරීමට කළින් යැයි ද අධිකරණයේදී කියැවිණි.

ඇගේ පුතා ද එම සමාගමේ අධ්‍යක්ෂවරයකු බවත්, එකම වැසිකිළියක්වත් හදා නැති බවත් පොලීසිය අධිකරණයට කියා සිටියේය.

මහේස්ත්‍රාත් ගමගේ මහතා කියා සිටියේ මේ සමාගම නෑ සමාගමක් බව පෙනෙන බවයි.

ජාතික කාර්තව්‍යයකදී මීට වඩා වගකීමක් තිබිය යුතු යැයි මහේස්ත්‍රාත් අයට අපේක්ෂිත ඇප ප්‍රතික්ෂේප කළේය.