හිටපු ලොක්කා වත්මන් ලොක්කාට දෙස් තියයි


අයි. පී. එල්. තරගාවලියේ තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් උද්ගතවී තිබෙන තත්ත්වය පිළිබඳව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති ෂරාඞ් පවාර් මහතා එහි වත්මන් සභාපති එන්. ශී‍්‍රනිවාසන් මහතාට දොස් පවරා ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වාර්තා කරයි.

දැනට උද්ගතව පවතින තත්ත්වය තමන් බෙහෙවින් කම්පාවට පත්කරන්නක් බවත් තමන් ඉන්දිය කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිවරයා වූයේ නම් මෙවැනි තත්ත්වයක් උද්ගත නොවන බවත් ෂරාඞ් පවාර් මහතා පවසයි. හෙතෙම වැඩිදුරටත් පවසන්නේ මේ සියලූ කාරණ සම්බන්ධයෙන් ශී‍්‍රනිවාසන් මහතා වගකිව යුතු බවයි.

විරෝධතා සහ උද්ඝෝෂණ නිමක් නැති වුවත් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති තනතුරෙන් ඉවත් වීමට ශී‍්‍රනිවාසන් මහතා අදහස් නොකරන බවත් කියැවේ.