පේදුරුතුඩුව හමුදා කඳවුරේ සිටි රැඳවියකු ඝාතනය සම්බන්ධයෙන් විශ්‍රාමික හමුදා ලුතිනන් බිමල් වික්‍රමගේට වසර දහයකට අත්හිටවූ දෙවසරක සිර දඬුවම් නියම කිරීමට අද (31) කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය නියෝග කළාය.
ඊට අමතරව ඝාතනයට ලක්වූ තැනැත්තාගේ පවුලේ අය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ද උසාවියට රුපියල් දස දහසක දඩයක්ද ගෙවන ලෙස ඔහුට නියම කැරිණි.
එම දඩය නොගෙවන්නේනම් මාස තුනක සිර දඬුවමක්ද හිටපු ලුතිනන්වරයාට නියම විණි.
එම ඝාතනය 1998 ජූලි 20 වැනිදා සිදුකැර තිබිණි.