හිටපු ලුතිතන් ලක්ෂ 20ක වන්දිය ගෙවයි


 යුද හමුදාවට බාර වූ පසු මරා දැමුණු බව කියන හිටපු එල්ටීටීඊ සාමාජිකයකුගේ පවුලේ උදවියට  රුපියල් විසි ලක්ෂයක් ගෙවන ලෙස දුන් අධිකරණ නියෝග අනුව හිටපු ලුතිතන් විමල් වික්‍රම අද කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය ඉදිරියේ එම වන්දි මුදල් පිරි නැමීය.

මිය ගිය හිටපු එල්ටීටීඊ සාමාජිකයාගේ බිරියට ලක්ෂ 10ක් ද, පියාට ලක්ෂ 10ක් ද පිරි නැමිණි.

හිටපු ලුතිතන්ට නියම කළ දෙවසරකට සිර දඬුවම වසර දහයකට අත්හිටැවිණි.

මෙම මුදල ඔහුට සපයා දුන්නේ ඒකාබද්ධ විපක්ෂය විසිනි.