හිටපු මුහුදු කොටි කතට කටුනායකින් පිහිනන්න බැරිවෙයි


කොටි සංවිධානයේ ප්‍රබල මුහුදු කොටි  සාමාජිකාවක් බව කියන කිලිනොච්චියේ ධර්මලිංගම්පුරම්හි මුරුගේසු පකීර්ති (41) සඳුදා අලුයම 5.40 ට පමණ කටුනායක ගුවන් තොටුපළේදී  ත්‍රස්ත විමර්ශන කාර්යංශයේ නිළධාරීන් විිසින් අත් අඩංගුවට ගනු ලැබීය.

ඇගේ සැමියාද කොටි සංවිධානයේ සාමාජිකයකුව සිටි බව කියති. ඔහු සුබ්‍රමනියම් ජෙය ගනේෂන් බව පොලිසිය පවසයි.

මෙම කාන්තාවට එතෙර ගමන් තහනම් කරමින් පනවා තිබූ තහනම නිසා ඇය රඳවාගෙන පොලිසියට බාර දුන් බවත් කුවේට් රාජ්‍යයට ගොස් එහි සිට ප්‍රංශයට යාම ඇගේ අරමුණ වී ඇති බවත් පොලිසිය පවසයි.