මරණ තර්ජන ඇතැයි ඕස්ට්‍රේලියාවට ගොස් සිටි හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද (26) කටුනායක ගුවන්තොටුපළින් නැවත සියරට පැමිණියේය.
ඒ මහතා පිළිගැනීමට ඥාතීහු ගුවන්තොටුපළට පැමිණ සිටි අතර තමාට පසුගිය රජය සමයේ නිසි ලෙස රාජකාරි සිදුකිරීමට නොහැකිවූ බවත් තමාට මරණ තර්ජන පවා තිබූ බවත් ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියාවට පළා ගිය බවත් වත්මන් දේශපාලන තත්ත්වය යහපත් බැවින් නැවත මෙරටට පැමිණ රාජකාරී කිරීමට අදහස් කරන බවත් එහිදී මාධ්‍ය ඇමතූ ජයකොඩි මහතා පැවසීය.
වීඩියෝ සනත් ඩෙස්මන්

