හිටපු මහේස්ත‍්‍රාත්වරයාගෙනුත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්


තමන්ට එරෙහිව අල්ලස් කොමිසමේ ඇති චෝදනා විමසීම අවසන් නොකිරීම හේතුවෙන් තමන්ට හිමි උසස්වීම සහ විශ‍්‍රාම වැටුප් නොලැබීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව කියමින් කැස්බෑව හිටපු මහේස්ත‍්‍රාත් බී.ආර්.සෝමසිංහ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) කල් ලබා දුන්නේය.

මෙම පෙත්සම ලබන 23 වැනිදා යළි සලකා බැලීමට නියෝග කෙරිණ. මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ සිසිර ද ආබෲ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් ,විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු පිරිසක් පිරිසක් නම් කර ඇත.