ඌව, මධ්‍යම හා වයඹ පළාත් සඳහා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරු තිදෙනෙක් ද පොළොන්නරු දිස්ත්‍රික්කයට විශේෂ ව්‍යාපෘති නිලධරයෙක්ද මෛත්‍රිපාල සිරිසේන ජනපති විසින් අද (25) පත්කරනු ලැබූහ.
හිටපු ඇමැති ජගත් පුෂ්පකුමාර ඌව පළාතට ද හිටපු මන්ත්‍රී එරික් ප්‍රසන්න වීරවර්ධන මධ්‍යම පළාතටද හිටපු නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර වයඹ පළාතටද , පොළොන්නරු දිස්ත්‍රික්කයට පත් කළ ප්‍රේමසිරි මුණසිංහ යන මහත්වරු අද ජනාධිපති කාර්යාලයේදී ජනපති අතින් පත්වීම් ලිපි ලබාගත්හ.

