හිටපු මන්ත්‍රීන් 19ක් උසාවි කැඳවයි


 මාදිවෙළ මන්ත්‍රී නිළ නිවාසවල  සිටියදී  කුලී  නොගෙවන ලදැයි  කියන  හිටපු මන්ත්‍රීවරුන්  19 දෙනකුට  එරෙහිව නුගේගොඩ  දිසා අධිකරණයේ  නඩු පවරා ඇත.

 ජුලි 16 වැනිදා  අධිකරණයේ  පෙනී සිටින ලෙස ඔවුනට  සිතාසි  යවන ලෙස  දිසා විනිසුරු  නාමල් බණ්ඩාර බලල්ල   මහතා නියෝග කළේය.

 2001 දෙසැම්බර් මස 05 වැනිදා  සිට 2004 පෙබරවාරී  07 වැනිදා  තෙක් නිළ නිවාසවල පදිංචිව සිටි

 මහීපාල හේරත් , ඩී.එම් බණ්ඩාරනායක, රාසා කුගනේෂ්වරම්, සංජීව බණ්ඩාර කවිරත්න, සිරි ආන්ද්‍රා හැන්නදි , සුරේෂ් සතාසිවම්, චන්දන කත්‍රිආරච්චි ,  තිළිණ බංඩාර තෙන්නකෝන්, පතිරගේ දොන් අබේරත්න, මොහොමඩ් අබ්දුල්ලා මහරුෆ්, මොහොදීන් බාවා අබ්දුල් අසීස්, බද්දේගම සමිත හිමි , උපාලි සමරවීර  ,ජස්ටින් ගලප්පත්ති, ලකී ජයවර්ධන , තම්බි මොහොමඩ්, මොහොමඩ් අබ්දුල්ලා මොහොමඩ් යන මන්ත්‍රීවරුන්ට එසේ සිතාසි නිකුත් කැරිණි.