අනුරාධපුරයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී බී දිසානායකගේ ඉල්ලීම පිට මිනීමැරුම් නඩුවක බොරු සාක්කි දුන් නොච්චියාගම හැළඹවැව සරත් විජේසිංහට අනුරාධපුර මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා බරපතල වැඩ සහිතව දෙවසරක සිර දඩුවමක් නියම කළේය.
1994 ජනාධිපතිවරණයේදී පොදු පෙරමුණ ආධාරකරුවකු වූ නොච්චියාගම පහමුණේගම සුනිල් සේනාරත්න මහතා ඝාතනය කිරීමේ නඩුවේදී තමා මුල සිටම බොරු සාක්කි දුන් බව විජේසිංහ කීවේය.
ඔහු නඩුවේ පළමු සාක්කිකරු විය.
නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා වත්මන් විපක්ෂ නායක (එජාප) සමරකෝන් රත්නායක ඇතුළු හත් දෙනෙක් මේ නඩුවෙන් චෝදනා ලබා සිටිති.
සැකරකුවන් වසර 19ක් තිස්සේ දැඩි පීඩාවකට පත්ව සිටින බව ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ නීතීඥ කරුණාරත්න හේරත් මහතා කීවේය.