හිටපු මන්ත්‍රී රවිරාජ්ගේ බිරිය ගොනු කළ පෙත්සම විසිවේ


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුවට එරෙහිව එම මන්ත්‍රීවරයා ගේ බිරිය  ගොනු කර තිබූ අභියාචන පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය අද (19) තීන්දු කළේය.

රවිරාජ් මහතාගේ බිරිය විසින් ගොනු කැරුණු මේ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ ඇය හෝ ඇය වෙනුවෙන් නීතීඥවරයකු ඉදිරිපත් වූයේ නැත. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවය පෙනී නොසිටීම මත මෙ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව   දීපාලි විජේසුන්දර  සහ ලලිත් ජයසූරිය යන අභියාදනාධිකරණ විනිසුරුවරුන් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කළේය.