(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙයකු මෙන්ම සමගි ජන බලවේගයේ සංවිධායකයකු විරුද්දවාදීන් පිරිසක් බිය ගැන්වීම සඳහා අහසට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය පවසයි.
මන්ත්‍රීවරයා හොරණ ධීරානන්ද මාවත ප්‍රදේශයේ ඔහුට අයත් පෞද්ගලික තේ ඉඩම නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ එම ඉඩමට අනවසරයෙන් ඇතුළු වී එහි තිබෙන නිවස ඉදිරිපිට රැඳී සිටි ආගන්තුක පිරිසක් සමග ඇතිවූ බහින්බස් වීමකින් පසු එම පිරිසෙන් අයකු මන්ත්‍රීවරයාට පොරවකින් පහරදීමට උත්සාහ දැරීමේදී වෙඩි තැබීම සිදු වී ඇති බව පොලිසිය කියයි.
මන්ත්‍රීවරයා ඔහු සතුව තිබෙන මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවියෙන් අහස දෙසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
එම ගිනි අවියට නිත්‍යානුකූල බලපත්‍ර තිබෙන බවටද විමර්ශනවලදී අනාවරණ වී ඇත.

