පානදුර පදිංචි ව සිටි හිටපු පොලිස්පති වික්ටර් පෙරේරාගේ නිවසට හොරුන් ඇතුළු වී රුපියල් ලක්ෂ දහයක් වටිනා රන් බඩු හා රුපියල් පනස්දහසක් රැගෙන පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
රන්බඩු බහාලු බෑගය හා තවත් බෑගක් නිවසට මීටර් සියයක් ඈතින් පිහිටි ඉදිකරමින් පවතින නිවසක් ආසන්නයේ තීබී සොයා ගෙන ඇත.
මඟුල් ගෙදරකට යාමට බැංකු ආරක්ෂක කුටියෙන් රන්බඩු ගෙනැවිත් බිරිය කොට්ටය යට තබා නිදාගෙන සිටිය දී සොරා ගෙන ඇති බව පොලිස් ආරංචි කියයි.

![DSC01569[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/DSC015691.jpg)
![DSC01579[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/DSC015791.jpg)
![vlcsnap-2016-05-09-12h32m43s125[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/vlcsnap-2016-05-09-12h32m43s1251.jpg)
