හිටපු පොලිස්පති ඉන්ද්‍රා ද සිල්වා සමුගනී


හිටපු පොලිස්පති ඉන්ද්‍රා ද සිල්වා මහතා අද (30) නාරාහේන්පිට පොලිස් රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉන්ද්‍රා ද සිල්වා මහතා පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

1972 වසරේදී සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස සේවයට එක්වූ ඒ මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුවෙකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධරයකු වන සිල්වා මහතා 1992 වසරේදී නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස්වීම් ලැබූ අතර වසර 2000 දී ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත්විය.