හිටපු පොලිස් ස්ථානාධිපති ඇතුළු 4 දෙනා සඳුදා දක්වා රිමාන්ඩ්


පොලිසිය අත්අඩංගුවට ගත් ධීවරයකු ඝාතනය කළැයි සැකපිට රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් වාද්දූව පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයකු ඇතුළු පොලිසියේ හතර දෙනෙක් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය අධිකරණය විසින්  ලබන ලබන සඳුදා (06) තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
 
රිමාන්ඩ් කළ පිරිස අතර වාද්දූව පොලිසියේ එවකට ස්ථානාධිපති මෙන්ම මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ලෙස ද දීර්ඝ කාලයක් කටයුතු කළ පොලිස් පරීක්ෂක නිමල් කරුණාරත්න මහතා ද සිටින බව රහස් පොලිස් ආරංචි කියයි.
 
2012 වසරේ අප්‍රේල් 12 වැනි දා මෙම එම ධීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයේ සිටියදී ඔහුට පහර දී ඇතැයි පොලිසිය පවසයි. මිය ගිය පුද්ගලයා සතුව මත්ද්‍රව්‍ය තිබුණු බව පොලිසිය පසුව කියා තිබිණි.
 
එම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ තාවකාලිකව නැවතී තිබුණු අතර නීතිපතිවරයා විසින් රහස් පොලිසියට යළි විමර්ශන පවරනු ලැබීමෙන් පසු අවස්ථා කිහිපයකදී විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
 
ඒ අනුව එවකට වාද්දූව පොලිසියේ සිටි ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හතර දෙනකු රහස් පොලිසිය අද (3) අත්අඩංගුවට ගත්තේය.  අපරාධ විමර්ශනයේ දක්ෂ නිලධාරියකු ලෙස සැලකෙන නිමල් කරුණාරත්න මහතා අත්අඩංගුවට පත්වන විට විශ්‍රාම ගොස් සිටි බව පොලිසිය කියයි.
 
රහස් පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ කෘර වදහිංසා පනත යටතේය.