නීතීඥවරියකගේ මොටර් රථයේ හුළං ඇරියේ යැයි කියන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ටෙරී අමරසේකර රුපියල් ලක්ෂ පහ බැගින් ශරීරඇප දෙකක් මත මුදා හරින්නැයි ගලකිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය නියෝග කළාය.
නීතීඥවරිය කියා ඇත්තේ තම අසල්වැසියා වන මොහු තම කාරයේ හුළං ඇර ඇති බවයි.උසාවියෙන් යැවු නොතීසි තුනක්ද නොසලකා හැරි ඔහු උසාවියට ඉදිරිපත් වී ඇත්තේ පොලිස්පති මගින් ඔහුට නොතීසි යැවු පසු බව උසාවියේදී කියැවිණි.

