ධූරයෙන් පහකැරුණු ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා අද සවස සිය කාර්යාලයට පැමිණ එහි තිබූ පුද්ගලික ලිපිලේඛණ සහ උපකරණ රැගෙන ගියේය. නිල රථය ඇතුළු තමන් භාරයේ තිබූ නගරසභාව සතු සියළුම භාණ්ඩ කොමසාරිස්වරියට භාරදුන්නේය. හිස්ව ඇති නගරාධිපති ධූරයට මනාප ලේඛණයේ ඉහළින්ම සිටින කැළුම් සෙනෙවිරත්න මහතා පත්කිරීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.


