හිටපු පුරපති ඉල්ලීම් විසිවේ


නගරාධිපති ධුරයෙන් හා සභික ධුරයෙන් පහ කිරීමේ නියෝගය ශූන්‍ය සහ බල රහිත කරන ලෙසට රිට් ආඥාවක්් ඉල්ලා නඩු විභාගය අවසන් වන තුරු නගරාධිපතිවරයෙකු හෝ සභිකයෙකු පත් කිරීම අත්හිටුවන ලෙස නියෝගයක් ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ දකුණු පළාත්බඳ ගාල්ල මහාධිකරණ විනිසුරු කේ.බී.කේ. හිරිඹුරේගම මහතා, නගරාධිපතිවරයෙකු හෝ සභිකයෙකු පත් කිරීම අත්හිටුවන ලෙස කළ ඉල්ලිම ප‍්‍රතික්ෂේප කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දකුණු පළාත් ප‍්‍රධාන ඇමැතිවරයා, පළාත් පාලන කොමසාරිස් ඇතුළු පහළොස් දෙනෙක් නම් කරනු ලැබ සිටිති