හිටපු පීසී යි කොමාන්ඩෝ සෙබළයි සැකපිට


මිය ගිය  චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වු තිස්ස අබේසේකරගේ නැන්දනිය පසුගිය සැප්තැම්බර් විසි අට වැනිදා  රාජගිරිය මොරගස්මුල්ලේදී  මරා දැමු බව කියන හිටපු කොස්තාපල්වරයකු හා කොමාන්ඩෝ සෙබළකු  සොරකම් කළ රන් බඩුද සමගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

රන් භාණ්ඩ ගාල්ලේදී උගස් කැර තිබිණි.

හිටපු කොස්තාපල් මොරගස්මුල්ලේ  ගෙදරක අත්වැඩ දීමට පැමිණ සිටියදී  හුදකලාව වාසය කළ මෙම කාන්තාවගේ නිවසට වැඩකට ගොස් ඇත.

තවත් කිහිප දෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමට නියමිතය.