හිටපු පී.සී ගින්දර ඉල්ලා ගින්දරේ වැටෙයි


 2008 දී අරක්කු බෝතලයක් අල්ලස් වශයෙන් ගෙන සේවයෙන් ඉවත් කැරුණු බව කියන කොස්තාපල්වරයකු පොලිස් සටහන් පොතක් ද අතැතිව කඩවලට ගොස් කප්පම් ගනිමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කඩේකට යන මොහු සිගරට්ටුවක් ඉල්ලා සිගරට්ටුව දුන් විට ගින්දර ද ඉල්ලයි. ගින්දර දුන් පසු වරදක් කළ බව කියා පොලිස් සටහන් පොතේ ලියන බව කියයි. එසේ නොලියා ගොඩින් බේරා ගන්නට නම් කප්පමක් ඉල්ලයි. එයි රුපියල් දාහක්, දෙදහක් බව පොලිසිය පවසයි.