(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අයත් නීති විරෝධී ලෙස කොටස් මෙරටට ආනයනය කර එකලස් කර ඇති බවට සැකකරන ඉසුසු වර්ගයේ ලොරියක් සිය භාරයට ගත් බව වලාන මධ්‍යම දුෂණ වර්ධන ප්‍රහාරක බලකාය කියයි
හපුතලේ මුතුවානාවත්ත ප්‍රදේශයේ තිබියදී එය බාරයට ගෙන ඇත.
මෝටර් රථ කොමසාරිස්වරයාගේ නිසි අවසරයකින් තොරව එකලස් කර ඇති බවට සැකකරන එම ලොරි රථය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී එහි ස්විච්චයතුර නොතිබී ඇති අතර ඒ හේතුවෙන් ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් යෙදවූ බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය .
එම සුවිච්ච යතුර ලැබීමෙන් අනතුරුව ලොරි රථය ඊයේ (8) පොලිස් භාරයට ගනු ලැබූ බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.