(ඉන්දිකා රාමනායක)
උතුරු මැද පළාත් හිටපු ආණ්ඩුකාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහී පාල හේරත් මහතාට අයත් බව කියන තලේමන්නාරම ඉඩමක තිබී පීඩන බෝම්බයක් සොයාගෙන ඇත.
තලේමන්නාරම නාවික හමුදා කඳවුරට යාබද පිහිටි මෙම ඉඩම සුද්ද පවිත්‍ර කිරීමේදී මෙම පීඩන බෝම්බය සොයා ගෙන ඇත.
මෙම පීඩන බෝම්බය යුද සමයේ වළදමා තිබූ එකක් බව නාවික හමුදාව පවසයි. තලේමන්නාරම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

