(පද්මසිරි ගාර්දියවසම් )
මත්තල ප්‍රදේශයේ වගා ඉඩමක් රැක බලාගත් පුද්ගලයෙකු ළග තිබී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 පතොරම් තුවක්කුවක් සමඟ අයෙක් ඊයේ (13) රාත්‍රි අත් අඩංගුවට ගත්බව මත්තල පොලිසිය පවසයි
මෙම ගිනි අවිය සොයාගත් වගා ඉඩම බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුට අයත් බව පොලිසිය පැවසීය .
ගිනි අවිය ළග තබා ගැනීමට බලපත්‍ර නොතිබූ බවද පොලිසිය පැවසීය. ගිනි අවිය සමඟ අත් අඩංගුවට ගත් සැකකරු අම්පාර ,උහන ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකු බවද පොලිසිය පැවසීය .
සැකකරු අද (14) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.