හිටපු ප්‍රවාහන ඇමැතිට ඇප


ලංකා ගමනාගමන මණ්ඩලයට උපසභාපතිවරයකු පත් කිරීමෙන් දූෂණයක් සිදුකර ඇතැයි අල්ලස් කොමිසමෙන් හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගමට එරෙහි පැමිණිල්ල කැඳවූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔහුට ඇප දුන්නේය.

රුපියල් 25000 ක මුදල් ඇපයක් සමග රුපියල් දස ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත වෙල්ගම මුදාහරින ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළේය.

වෙල්ගම මහතා අධිකරණයේ පෙනී සිටියේ අධිකරණය කළ නියෝගයක් අනුවය. වැඩිදුර විභාගය මාර්තු 24ට කල් තැබිණි.