නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයයේ ගුරුවරියක වූ සුසිලා හේරත් මහත්මියට තර්ජනය කර දණගැස්සීයැයි වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර වැරදිකරු කළ පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, හිටපු පළාත් මන්ත්‍රීට දෙවසරක බරපතල වැඩ ඇතිව සිර දඩුවම් නියම කර එය වසර හතකට අත්හිටැවීය.
රුපියල් 50,000ක දඩද නියම විය.
අගතියට පත් සුසිලා හේරත් ගුරුවරියට රුපියල් තුන් ලක්ෂයක වන්දි ගෙවන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය.

