හිටපු පරිපාලන කොමසාරිස්වරයෙක් ලිපි ගොනුත් කිහිලි ගන්නාගෙන ගිහින්


මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ හිටපු පරිපාලන කොමසාරිස්වරයකු වාහන ලියාපදිංචි කිරීමේ ලිපි ලේඛන කිහිපයක් ඉවත් කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි. 

අදාළ සිදුවීම පාදක කරගනිමින් චෝදනා එල්ල වී තිබෙන පරිපාලන කොමසාරිස්වරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇතැයි ද කොමසාරිස් ජෙනරාල්වරයා කීවේය. 

දූෂණ විරෝධී සංවිධානය නැමැති රාජ්‍ය නොවන සංවිධානයක්  මෙම සිදුවීම් සම්බන්ධයෙන් කරුණු විමසා ඇතැයි වාර්තා වේ. අදාළ සංවිධානය ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් ද දැනුම්වත් කරමින් විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා ඇත. 

හිටපු පරිපාලන කොමසාරිස්වරයා ඇතුළු නිලධාරිවරිය ඇතුළු තවත් නිලධාරීන් පස් දෙනකුට පසුගිය ජනවාරි 1 වැනිදා සිට ස්ථාන මාරු ලැබී ඇතැයි මේ සම්බන්ධයෙන් කළ විමසීකදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පැවැසීය.