වැලිගම කප්පරතොට හෝටලයදී අද (15) අලුයම 1ට පමණ එහි හිමිකාරිය වූ වැලිගම හිටපු නාගරික මන්ත්‍රීනි යමුනා කාන්ති (38) මහත්මිය කිසියම් පිරිසක් විසින් ඇගේ ජීප් රියද සමග පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
පිහි පෙන්වා බිය ගන්වා හෝටලයේ සිටි සේවකයින් දෙදෙනකුගේද අතපය ගැට ගසා පැහැරගැනීම සිදුකර ඇතැයි කියති.

