ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුව සිටි කුමාර් අබේසිංහ මහතා අද (28) අභාවප්‍රාප්ත විය.
මිය යන විට 70 වැනි වියේ පසුවූ ඒ මහතා 1971 වසරේදී පරිපාලන සේවයට පිවිසියේය.
ශ්‍රී ලංකාවේ ලාබාලම දිසාපතිවරයා ලෙස වසර 7ක් නුවරඑළියේ කටයුතු කළ අබේසිංහ මහතා හම්බන්තොට ප්‍රාදේශීය ආදායම් නිලධාරිවරයා ලෙස සේවය කර ඇත.
1979 වසරේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙසද කටයුතු කර ඇති ඒ මහතා 1993දී ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධූරයට පත්විය.
අබේසිංහ මහතා චිත්‍රපට සංස්ථාවේ, මිල්කෝ සංස්ථාවේ සභාපති ලෙසද කටයුතු කර ඇත.
1994 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, ලේක් හවුස් යන ආයතන ත්‍රිත්වයේම සභාපති ධූරය ඉසිලූ ඒ මහතා 2001 වසරේ එජාප රජයේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයද ඉසිලීය.
කුමාර් අබේසිංහ මහතාගේ දේහය තලවතුගොඩ, වැලි පාරේ පිහිටි නිවසට රැගෙන ඒමට නියමිතය.

