හිටපු ජේඑම්ඕගෙන් තවත් පෙත්සමක්


හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අද කොළඹ මහාධිකරණයේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කළේය.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අතුරුදන්වීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලදී තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලමින් ඔහු ගොනු කළ පෙත්සම පසුගියදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවාය.

ඒ අනුව ඊට ප්‍රතිශෝධන අයදුම්පතක් ඔහු අද ගොනු කළ අතර නීතිපති හා කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ මිනීමැරම් අංශයේ ස්ථානාධිපති එහි වගඋත්තරුකරුවන් කර ඇත.