
(ගයාන් සූරියආරච්චි සහ ළහිරු හර්ෂණ)
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (5) කැදවා ඇත.
සමන් ඒකනායක මහතා අද පෙරවරු 9.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති අතර මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ ලබාදෙමින් පවතින බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවකට සිදුකළ සංචාරයක් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අනුවය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (4) ප්‍රකාශයක් සහටන් කරගත්තේය.

