හිටපු ජනපතිගේ ෆේස්බුක් මකන්න රොබෝවෙක්


මහින්ද රාජපක්ෂ හිටපු ජනපති  බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල හා විමල් වීරවංශ හිටපු ඇමැතිගේ  ෆේස් බුක් වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පිවිතුරු හෙළ උරුමය කියයි.

ගම්මන්පිල මහතා පවසනුයේ ඔහුගේ ෆේස් බුක් පාඨක පිටුවේ පාඨක ප්‍රමාණය  පසුගිය සිකුරාදා පස්වරු 7 සිට 9 දක්වා කාලයේදී 1200කින් පහළ වැටුණු බවයි.

‘එය හිටි ගමන් වු දෙයක් නිසා හිටපු ජනපති  රාජපක්ෂ මහතාගේත් වීරවංශ හිටපු ඇමැතිගේත් පාඨක පිටු ගැන සෙව්වා.එහි කැමැත්ත පළ කරන පාඨක සංඛ්‍යාව අඩුවෙලා .මහින්ද රජපක්ෂ මහතාගේ පාඨක පිටුව 15800 කින් ද විමල් වීරවංශ මහතාගේ පාඨක පිටුව 4100 කින් ද පහත වැටිලා. මීට හේතුව ඔවුන්ගේ ජනප්‍රියත්වයට අකමැති සතුරු පිරිසක් මේ ක්‍රියාවලියේ නිරතවන බවට ෆේස් බුක් පරිපාලකයින් දැන්වු බවද පිවිතුරු හෙළ උරුමය කියයි.

ගම්මන්පිල මහතා කියා ඇත්තේ ‘අන්තර්ජාල  බොට්‘ නමින් හැඳින්වෙන ‘රොබෝවකුගේ‘  ක්‍රියාකාරීත්වය ඇති මෘදුකාංගයක් මගින්  සතුරු වෙබ් අඩවි  වලට මේ ප්‍රහාරය එල්ල කැර ඇති බවයි.