හිටපු ජනපතිගේ නැන්දනියට ඇප


අයථා ක‍්‍රම වලින් උපයා ගත් රුපියල් කෝටි 3 1/2කට අධික මුදලකින් රත්මලාන ප‍්‍රදේශයේ ඉඩමක් මිලදී ගන්නා ලදැයි කියන සිද්ධියකට අදාලව සැකපිට අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නැන්දම්මා වන ඩේසි ෆොරස්ට් මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (09) නියම කළේය.

රුපියල් 25,000 ක මුදල් ඇපයක් ද රුපියල් ලක්‍ෂ 15 බැගින්  ශරීර ඇප දෙකක් ද නියම කැරිණි.