හිටපු ජනපතිගේ ආරක්ෂක ප්‍රධානියාට එරෙහිව නඩු 4 ක් විභාගයට ගනී


(ෂෙහාන් චාමික සිල්වා)


වසර පහක් තම වත්කම් හෙළි නොකළැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ප්‍රධානී නෙවිල් වන්නිආරච්චිට එරෙහි නඩු හතරක් අද විභාගයට ගත් අධිකරණය පැමිණිල්ලේ හා විත්තියේ ලිඛිත දේශන ගොනු කරන ලෙස නියෝග කළේය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය එම නියෝගය දෙමින් නඩු විභාගය අප්‍රේල් 25 තෙක් කල් තැබීය. අල්ලස් කොමිසම එම නඩුව සඳහා තම ප්‍රතිරෝධතාවයන් ද අද ගොනු කළේය.