හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සන්නසකින් ඔහුගේ සහෝදරයකු වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සහ තවත් දෙදෙනකුට අලි පැටවුන් සිව් දෙනකු ලබා දී ඇති බව ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ දිලිප පීරිස් මහතා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.
නීති විරෝධී ලෙස සිටින අලි පැටවුන් 20ක් ඉදිරි සති දෙක ඇතුළත දී අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව නීතිඥ පීරිස් මහතා අධිකරණයට පැවසුවේය.
උඩවලව වනෝද්‍යානයේ අක්කර 16ක කොටසක අලි ගාලක් ඉදිකරන බවත් මේ වනවිට සියයට 75ක වැඩ අවසන් කර ඇති බවත් ඔහු දැනුම් දුන්නේය.

